මසකටත් වැඩි කාලයක් රෝමයේ ජිමෙල්ලි රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටි ශුද්ධෝත්තම ෆ්‍රැන්සිස් පාප් වහන්සේට රෝහලෙන් පිටව යාමට අවසර ලබාදී තිබෙනවා.
ඒ අනුව 88 හැවිරිදි පාප් වහන්සේ අද (23) දිනය තුළදී රෝහලෙන් පිටව යාමට නියමිත බවයි වාර්තා වන්නේ.
විදෙස් මාධ්‍ය වාර්තා කළේ රෝහලෙන් පිටත් වීමට පෙර උන්වහන්සේ එහි කවුළුවකින් මහ ජනතාව හමුවේ පෙනී සිටීමට නියමිත බවයි.