ශ්‍රී ලංකා ගුවන් හමුදාවට අයත් සියලුම k – 8 වර්ගයේ ජෙට් යානාවල ප්‍රමිති පරීක්ෂාවක් සිදු කරන බව ආරක්ෂක අමාත්‍යාංශය පවසනවා.
ආරක්ෂක නියෝජ්‍ය අමාත්‍ය අරුණ ජයසේකර සඳහන් කළේ පසුගියදා k – 8 වර්ගයේ ජෙට් යානයක් වාරියපොළදී අනතුරකට ලක්වීම මෙලෙස විශේෂ පරීක්ෂාවක් සිදු කිරීමට මූලිකම හේතුව වී ඇති බවයි.
චීනයේ නිෂ්පාදිත k – 8 වර්ගයේ ජෙට් යානා පිළිබඳව සොයා බැලීමට විශේෂ කමිටුවක් පත් කර තිබෙනවා.
අදාළ විශේෂඥ කමිටුවේ උපදෙස් මත එම පරීක්ෂාව සිදු කිරීමට නියමිත බවයි වාර්තාවන්නේ.