පොල් වතුහිමියන්ට පොහොර සහනාධාරය මේ මස අවසානයේ සිට ලබා දීමට කටයුතු කරන බව වැවිලි හා ප්‍රජා යටිතල පහසුකම් අමාත්‍ය සමන්ත විද්‍යාරත්න පවසනවා.

ඔහු සඳහන් කළේ රුපියල් මිලියන 5,600ක් ඒ සඳහා යොදවා ඇති අතර අක්කර පහට අඩු පොල් ගොවීන්ට එම පොහොර සහනාධාරය ලබාදීමට සැලසුම් කර ඇති බවයි.

පොහොර සහනාධාරය ලබාදීම සඳහා පොහොර මෙට්‍රික් ටොන් 56,700ක් රජය සතුව පවතින බව අමාත්‍යවරයා වැඩිදුරටත් කියා සිටියා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *