ග්‍රෑන්ඩ්පාස් පොලිස් වසමේ නාගලගම් වීදියේ සිදුවු වෙඩිතැබීමට සැකකරුවෙක් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

මෙම සිද්ධියට මුහුණදුන් තුවාලකරුවන්ගේ දුරකථනය ඔස්සේ අපරාධය වූ ස්ථානයට කැඳවාගත් සැකකරු ජංගම දුරකථන දෙකක්ද සමග ඊයේ (23) ග්‍රෑන්ඩ්පාස් පොලිස් කණ්ඩායමක් විසින් අත්අඩංගුවට ගෙන ඇති බවයි වාර්තා වන්නේ.

එලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ 31 හැවිරිදි ග්‍රෑන්ඩ්පාස් ප්‍රදේශයේම පදිංචිකරුවෙක්.

එමෙන්ම මෙම අපරාධයට ආධාර අනුබල දීම සම්බන්ධයෙන් මේ වන විට සැකකරුවන් තිදෙනෙකු හා සැකකාරියක් විමර්ශන නිලධාරින් විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *