වාරියපොලදී අනතුරට ලක්වූ ගුවන් හමුදාවට අයත් චීනයේ නිෂ්පාදිත K-8 ජෙට් යානයේ දෝෂයක් නොමැති බව පරීක්ෂණ මගින් තහවුරුවී ඇති බව සිවිල් ගුවන් සේවා අමාත්‍ය බිමල් රත්නායක පවසනවා.
අනතුර සම්බන්ධයෙන් සොයා බැලීමට පත්කළ කමිටු වාර්තාවෙන් ඒ පිළිබඳ තොරතුරු අනාවරණය වී ඇති බව අමාත්‍යවරයා සදහන් කළා.
ආරක්ෂක නියෝජ්‍ය අමාත්‍ය අරුණ ජයසේකර ප්‍රකාශ කළේ K-8 වර්ගයේ ජෙට් පිළිබඳ සොයා බැලීමට පත්කළ විශේෂඥ කමිටුවේ උපදෙස් මත එම පරීක්ෂාව සිදු කරන බවයි.
එහිදී අවශ්‍යතාවක් මතුවුවහොත්, විදෙස් පරීක්ෂක කණ්ඩායම් ගෙන්වා ගැනීමට කටයුතු කරන බවද, ඔහු වැඩිදුරටත් සඳහන් කළා.