බහරේන් රාජ්‍යයට පැමිණෙන විදේශිය ශ්‍රමිකයන්ට මෙනින්ගොකොකල් රෝගය ඇතිවිම වලක්වීම සඳහා භාවිතා කරන Meningococcal vaccine එන්නත්කරණය අනිවාර්යය කර තිබෙනවා.

ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය සඳහන් කළේ විදේශ කටයුතු අමාත්‍යාංශය බහරේන් ශ්‍රී ලංකා තානාපති කාර්යාලය එක්ව බහරේන් රාජ්‍ය හා ගල්ෆ් සහයෝගිතා කවුන්සලයේ (GCC) උපදෙස් මත ශ්‍රී ලාංකිකයින්ගේ එන්නත්කරණ වැඩසටහන ක්‍රියාත්මක කිරීමට නියමිතව ඇති බවයි.

මෙය ශ්‍රී ලාංකික ශ්‍රමිකයන්ට ද ඒ අනුව අනිවාර්ය බව එරට සෞඛ්‍ය අමාත්‍යාංශය විසින් නිවේදනය කළා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *