ලෙජන්ඩ්ස් ක්‍රිකට් ට්‍රෝෆි 2024 තරගාවලියේදී ක්‍රිකට් තරග මුදලට පාවා දීමට යෝජනා කිරීම සම්බන්ධයෙන් වරදකරු වූ ඉන්දියන් සෑම්ප් ආමි කණ්ඩායමේ කළමනාකාර යෝගී පටෙල් නමැත්තාට වසර 04ක බරපතළ වැඩ සහිත සිරදඬුවම් නියම කර තිබෙනවා.
ඒ මාතලේ මහාධිකරණ විනිසුරු ඩී.ජී.එන්. රවීන්ද්‍ර ප්‍රේමරත්නගේ නියෝගයකට අනුවයි.
මෙම සිද්ධියේ පැමිණිලිකාර ශ්‍රී ලංකා ක්‍රිකට් තේරීම් කමිටුවේ සභාපති සහ ශ්‍රී ලංකා පිලේ හිටපු පිතිකරු උපුල් තරංග මහතාට රුපියල් ලක්ෂ 20ක වන්දියක් ගෙවන ලෙසද අධිකරණයෙන් චුදිතට නියම කර තිබෙනවා.