බ්‍රික්ස් රටවල නව සංවර්ධන බැංකුවට නිල වශයෙන් එක්වීමට ඉන්දුනීසියානු රජය තීරණය කර තිබෙනවා.

මෙම තීරණය ප්‍රකාශයට පත්කර ඇත්තේ ඉන්දුනීසියානු ජනාධිපති Prabowo Subianto මහතා ඊයේ(25) බ්‍රික්ස් රටවල නව සංවර්ධන බැංකුවේ සභාපතිනි Dilma Rousseff මහත්මිය හමුවීමෙන් පසුවයි.

සංවර්ධනය වෙමින් පවතින රටවල් හා බහුපාර්ශ්වික ආයතන සමග සහයෝගීතා ශක්තිමත් කිරීමට මෙන්ම, රටේ සංවර්ධන පරිවර්තනය ප්‍රවර්ධනය කිරීම සඳහා ඉන්දුනීසියා රජය මෙම තීරණය ගෙන තිබෙන බව ද ඔහු පවසනවා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *