කුවේට් රාජ්‍යයේ මධ්‍යම බන්ධ­නා­ගා­රයේ රඳවා තබා සිටි ශ්‍රී ලාංකේය සිර­ක­රු­වන් 20 දෙනෙක් කුවේට් – ශ්‍රී ලංකා සිර­කරු හුව­මාරු ගිවි­සුම යටතේ, මෙර­ටට භාර­දීම සඳහා ඊයේ (26)එරට සිට විශේෂ ගුවන් යාන­ය­කින් රැගෙනවිත් තිබෙනවා.

ඒ කටු­නා­යක ගුවන් තොටු­පො­ළටයි.

කුවේට් – ශ්‍රී ලංකා සිර­කරු හුව­මාරු ගිවි­සුම 2007 වසරේ දී අත්සන් තබා ඇති අතර එම ගිවි­සුම යටතේ ඉකුත් 2024 වස­රේ­දීත් ශ්‍රී ලංකා සිර­ක­රු­වන් 32 දෙනෙක් පළමු වරට මෙර­ටට ගෙනැ­විත් භාර දී ඇති බවයි වාර්තා වන්නේ.

මෙසේ කටු­නා­යක ගුවන් තොටු­පොළ වෙත රැගෙන ආ සිර­ක­රු­වන් කොළඹ, වැලි­කඩ මැග­සින් බන්ධ­නා­ගාර වෙත රැගෙන යෑමට බන්ධ­නා­ගාර දෙපා­ර්ත­මේන්තු නිල­ධා­රීන් පිරි­සක් කටු­නා­යක ගුවන් තොටු­පොළ වෙත පැමිණ තිබෙනවා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *