ICC T20 පන්දු යවන්නන්ගේ, පිතිකරුවන්ගේ සහ තුන් ඉරියව් ක්‍රීඩකයන්ගේ නවතම ශ්‍රේණිගත කිරීම් ICCය විසින් නිකුත් කළා.

ඒ අනුව T20 පන්දු යවන්නන්ගේ ශ්‍රේණිගත කිරීම්වල 2වන ස්ථානයේ රැඳී සිටි ශ්‍රී ලංකා T20 නායක වනිඳු හසරංග 3වන ස්ථානයටත් එම ශ්‍රේණිගත කිරීම්වල 9වන ස්ථානයේ රැඳී සිටි මහීෂ් තීක්ෂණ 10 වන ස්ථානය දක්වාත් පසුබැස තිබෙනවා.

කෙසේ වෙතත් ශ්‍රී ලංකා කණ්ඩායමේ නුවන් තුෂාර එම ශ්‍රේණිගත කිරීම්වල 47වන ස්ථානයට පත්ව ඇත්තේ ස්ථාන 28ක් ඉදිරියට පැමිණෙමින්.

නවතම T20 පන්දු යවන්නන්ගේ ශ්‍රේණිගත කිරීම්වල පෙරමුණේ රැඳී සිටින්නේ එංගලන්ත කණ්ඩායමේ Adil Rashid.

මේ අතර T20 තුන් ඉරියව් ක්‍රීඩකයන්ගේ ශ්‍රේණිගත කිරීම්වල 3වන ස්ථානයේ සිටි වනිඳු 2වන ස්ථානයටත් 15වන ස්ථානයේ රැඳී සිටි දසුන් 13 වන ස්ථානය දක්වාත් ඉදිරියට පැමිණ තිබෙනවා.

එම ශ්‍රේණිගත කිරීම්වල පළමු ස්ථානය හිමිව තිබෙන්නේ ඕස්ට්‍රේලියා කණ්ඩායමේ Marcus Stoinisටයි.

නවතම T20 පිතිකරුවන්ගේ ශ්‍රේණිගත කිරීම්වල 25වන ස්ථානයේ සිට 20 වන ස්ථානය දක්වා ඉදිරියට පැමිණීමට ශ්‍රී ලංකාවේ කුසල් මෙන්ඩිස්ට හැකි තිබෙනවා.

(rednews)

Leave a Reply

Your email address will not be published. Required fields are marked *