බස්නාහිර, සබරගමුව, දකුණු සහ ඌව පළාත්වලත් නුවරඑළිය සහ අම්පාර දිස්ත්‍රික්කවලත් සවස් කාලයේ හෝ රාත්‍රී කාලයේ තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කළා.
එමෙන්ම හම්බන්තොට, අම්පාර සහ මඩකලපුව දිස්ත්‍රික්කවල උදෑසන කාලයේදීත් වැසි ස්වල්පයක් ඇති විය හැකියි.
දකුණු පළාතේ සහ රත්නපුර දිස්ත්‍රික්කයේ ඇතැම් ස්ථානවලට මිලිමීටර් 50 ක පමණ තරමක් තද වැසි ඇති විය හැකි බව එම නිවේදනයේ වැඩිදුරටත් සඳහන් කළා.