යහපත්ව රාජකාරියේ යෙදුණු පොලිස් නිලධාරීන් දිරිමත් කරමින් ත්‍යාග සහ පොලිස්පති ප්‍රශංසා පිරිනැමීමේ ක්‍රියාවලිය මත මුදල් ත්‍යාග ලෙස රුපියල් දෙකෝටි හයලක්ෂ පන්දහසක මුදලක් නිලධාරීන් 140 දෙනකු අතර බෙදාදී තිබෙනවා.
ඒ පොලිස් අපරාධ වාර්තා කොට්ඨාසයේදීයි.
මෙරටදී සිදු වූ කොල්ලකෑම්, සොරකම්, මුදල් වංචා කිරීම්, පරිගණක අපරාධ වැනි විවිධ අපරාධ සේම මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන්, එම අපරාධකාරයන් හා බැඳුණු සංවිධානාත්මක අපරාධ මැඬපැවැත්වීමට කටයුතු කළ නිලධාරීන් එලෙස ඇගයීම සිදු වී තිබෙනවා.