සෑම පැය 04කට වරක් රිය අනතුරකින් මෙරට වටිනා මිනිස් ජීවිතයක් අහිමි වන බව සෞඛ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස පවසනවා.

අමාත්‍යවරයා සඳහන් කළේ මේ වන විට එය පාලනය කළ නොහැකි අභියෝගයක් වී ඇති බවයි.

මාර්ග අනතුරු වළක්වා ගැනීම සදහා ක්‍රමවත් සහ ස්ථීරසාර අඛණ්ඩ වැඩපිළිවෙලක් නොතිබීම හේතුවෙන් වටිනා ජීවිත අකාලයේ අහිමිවීම අතිශය සෝචනීය තත්ත්වයක් බවද අමාත්‍යවරයා සඳහන් කළා.

අමාත්‍යවරයා වැඩිදුරටත් කියා සිටියේ මාර්ග අනතුරු වළක්වා ගැනීම සම්බන්ධව විද්‍යාත්මක සොයා බැලීමක්, පර්යේෂණ වැඩසටහන් හෝ අධ්‍යයනයක් මෙරට තුළ සිදු නොවීම කණගාටුවට කරුණක් බවයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *