ගාසා තීරයේ පලස්තීනුවන් රාමසාන් උපවාසය අවසන් කරමින් ඊදුල් ෆිතර් උත්සවය සමරද්දී ඊශ්‍රායල හමුදාවෙන් ගුවන් ප්‍රහාරමාලාවක් එල්ල වී තිබෙනවා.
අල් ජසීරා පුවත් සේවය වාර්තා කළේ දකුණු ගාසා තීරයේ ඛාන් යූනිස් සහ රෆා නගරවල පුද්ගලයන් 35 දෙනකු ජීවිතක්ෂයට පත්වී ඇති බවයි.
රාමසාන් උත්සවය ලෙයිත් තෙත්කළ ඊශ්‍රායල ගුවන් ප්‍රහාරවලින් පැය 48ක් ඇතුළත පුද්ගලයන් 80ක් මිය ගිය බවත්, තවත් පුද්ගලයන් 305දෙනෙක් තුවාල ලැබූ බවත් ගාසා තීරයේ සෞඛ්‍ය අමාත්‍යාංශය නිවේදනය කර ඇති බව අල් ජසීරා පුවත් සේවය වැඩිදුරටත් වාර්තා කළා.