නිවසකට එල්ල කළායැයි සැකකෙරෙන පෙට්රල් බෝම්බ ප්රහාරයකින් පිළිස්සුම් තුවාල ලැබූ වයස අවුරුදු 6ක පිරිමි දරුවෙක් මියගොස් තිබෙනවා.
ඒ කළුතර ගමගොඩපාර, රජවත්ත ප්රදේශයේදීයි.
බරපතළ තුවාල සහිතව සිටි දරුවා කොළඹ රිජ්වේ ආර්යා ළමා රෝහල වෙත මාරුකර යවා ඇති අතර, එහි ප්රතිකාර ලබමින් සිටියදී මියගොස් තිබෙනවා.
මෙම පහරදීමට සම්බන්ධ කිසිදු පුද්ගලයකු මේ දක්වා අත්අඩංගුවට ගෙන නොමැති අතර, සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන සිදු කරන බව කළුතර දකුණ පොලීසිය සඳහන් කළා.