හෙරොයින් මත්ද්‍රව්‍ය සමග සැකකරුවෙක් පිටිගල පොලිස් වසමේ හිඹුටුගොඩ ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන තිබෙනවා.
ඒ පිටිගල පොලිස් ස්ථානයේ නිලධාරීන්ට ලැබුණු තොරතුරක් මත සිදුකල වැටලීමකදීයි.
ඔහු සතුව තිබී හෙරොයින් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 20 මිලිග්‍රෑම් 300ක් පොලිස් භාරයට ගෙන තිබෙනවා.
සැකකරු වයස අවුරුදු 37ක් වන මීටියාගොඩ ප්‍රදේශයේ පදිංචිකරුවෙක්.
සිද්ධිය සම්බන්ධයෙන් පිටිගල පොලීසිය වැඩිදුර විමර්ශන සිදු කරනු ලබනවා.