මියන්මාරයේ භූ කම්පනයෙන් විපතට පත් ප්‍රදේශ වෙත විදෙස් මාධ්‍යවේදීන්ට ඇතුළුවීම තහනම් කිරීමට එරට හමුදා පාලනය පියවර ගෙන තිබෙනවා.

හමුදාව පවසන්නේ එම ප්‍රදේශවල පවතින නවාතැන් දුෂ්කරතා, විදුලිය ඇණහිටීම් සහ ජල හිඟය හේතුවෙන් මෙම සීමා පනවා ඇති බවයි.

මේ අතර ජපානය, එක්සත් අරාබි එමීර් රාජ්‍යය, සෞදිය, ඉන්දියාව මියන්මාරය වෙත සහන කණ්ඩායම් යොමු කර තිබෙනවා.

මීට අමතරව විපතට පත් මියන්මාර වැසියන්ට සහනාධාර රැගත් ඉන්දීය නාවික හමුදාවේ නෞකා 2ක් එරට යැන්ගොන් වරාය වෙත ළඟා වී තිබෙන බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *