සිරියාව පුරා හදිසි විදුලිය බිඳ වැටීමක් සිදුවී තිබෙනවා.

එරට බලශක්ති අමාත්‍යාංශය සඳහන් කළේ ජාතික විදුලිබල පද්ධතියේ ස්ථාන කිහිපයක ඇතිවූ දෝෂ හේතුවෙන් විදුලිය බිඳ වැටීම සිදු වී ඇති බවයි.

කෙසේනමුත් පද්ධතියට එල්ල වූ ප්‍රහාරයක් විදුලිය බිඳ වැටීමට හේතුවී ඇති බවට පළවන වාර්තා සිරියානු බලධාරීන් ප්‍රතික්ෂේප කර තිබෙනවා.

විදෙස් මාධ්‍ය වාර්තා කළේ සිරියාව මේ වන විට ඉන්ධන අර්බුධයකටද මුහුණ දෙමින් සිටින බවයි.

මීට පෙර විදුලිය උත්පාදනය කිරීම සඳහා අවශ්‍ය ඉන්ධන ඉරානය විසින් සිරියාවට ලබාදී තිබෙනවා.

කෙසේ නමුත් පසුගිය නොවැම්බර් මාසයේදී බෂාර් අල් අසාද් ජනපති ධූරයෙන් පහ කර කැරළිකරුවන් එරට බලය අල්ලා ගැනීමත් සමඟ හිටපු ජනාධිපතිවරයාගේ මිත්‍ර රටක් වූ ඉරානය නව කැරළිකාර පාලනය බලයට පත්වූ පසු ඉන්ධන සැපයුම් නවතා තිබෙන බවයි වාර්තා වන්නේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *