ජපාන සමුද්‍රීය ස්වයං ආරක්‍ෂක බලකායට අයත් බන්ගෝ හා එටජීමා නෞකා කොළඹ වරායට සේන්දු වී තිබෙනවා.

ඒ සුහද සංචාරයක් සඳහායි.

බන්ගෝ නෞකාව දිගින් මීටර් 141ක් වන අතර එහි කාර්ය මණ්ඩලය 125කින් සමන්විත වන බව නාවික හමුදාව සඳහන් කළා.

එමෙන්ම කොළඹ වරායට සේන්දු වූ එටජීමා නෞකාව දිගින් මීටර් 67කින් යුක්ත වන අතර එහි කාර්ය මණ්ඩල සාමාජිකයන් 54කින් සමන්විත බවයි වාර්තා වන්නේ.

එම නෞකා ලබන 04වනදා දිවයිනෙන් පිටත්ව යාමට නියමිතව තිබෙනවා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *