අද (21) දිනට යෙදෙන පොසොන් පොහොය නිමිත්තෙන් දිවයින පුරා ආරක්ෂක වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කරන බව පොලීසිය පවසනවා.
පොලිස් මාධ්‍ය ප්‍රකාශක, නියෝජ්‍ය පොලිස්පති නිතිඥ නිහාල් තල්දුව ප්‍රකාශ කළේ මිහින්තලය, අනුරාධපුර නගර සීමාව, තන්තිරිමලය, අවුකන, විජිතපුර, නාමල්උයන, කැකිරාව යන ප්‍රදේශවල පොසොන් සමයේ විශාල වශයෙන් මහජනතාව ගැවසෙන බවයි.
ඒ අනුව පොසොන් පොහොය දිනයේදී විහාරස්ථානවල ආරක්ෂාව සඳහා පොලිස් නිලධාරීන් 20,000 කට ආසන්න පිරිසක් යෙදවීමට තීරණය කර ඇති බවයි ඔහු වැඩිදුරටත් කියා සිටියේ.
(rednews)