තමිල්නාඩු ධීවරයින්ගේ සම්ප්‍රදායික ධීවර අයිතිවාසිකම් ආරක්ෂා කිරීමට සහ ශ්‍රී ලංකා නාවික හමුදාවේ ක්‍රියාමාර්ග හේතුවෙන් ඔවුන් මුහුණදෙන අභියෝග සමනය කිරීම සඳහා ගත හැකි එකම ස්ථිර විසඳුම කච්චතිව් නැවත ලබාගැනීම බව තමිල්නාඩු ප්‍රධාන අමාත්‍ය එම්. කේ ස්ටාලින් අවධාරණය කර තිබෙනවා.

ඔහු මේ බව ප්‍රකාශ කළේ කච්චතිව් දූපත සම්බන්ධයෙන් රජයේ යෝජනාවලියක් තමිල්නාඩු ප්‍රධාන අමාත්‍යවරය විසින් රාජ්‍ය සභාව වෙත ඉදිරිපත් කරමින්.

ඉන්දු – ශ්‍රී ලංකා ගිවිසුම වහා සමාලෝචනය කර කච්චතිව් නැවත ලබාගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස තමිල්නාඩු ප්‍රධාන අමාත්‍යවරයා අදාළ යෝජනාව මගින් ඉන්දීය මධ්‍යම රජයෙන් ඉල්ලීමක් කර තිබෙනවා.

එමෙන්ම ශ්‍රී ලංකා රජය රඳවාගෙන සිටින ඉන්දීය ධීවරයින් සහ ඔවුන්ගේ බෝට්ටු නිදහස්කර ගැනීම සඳහා ඉන්දීය අග්‍රාමාත්‍යවරයාගේ ශ්‍රී ලංකා සංචාරයේදී සාකච්ඡා කළ යුතු බවද ඔහු වැඩිදුරටත් සඳහන් කළා

Leave a Reply

Your email address will not be published. Required fields are marked *