එළැඹෙන සිංහල හා දෙමළ අලුත් අවුරුද්ද වෙනුවෙන් ගම්බිම් බලා පිටත්ව යන මගීන්ගේ පහසුව සඳහා ලබන 11 වැනිදා සිට විශේෂ දුම්රිය සේවයක් ක්‍රියාත්මක කිරීමට දුම්රිය දෙපාර්තමේන්තුව සැලසුම් කර තිබෙනවා.

එම දෙපාර්තමේන්තුව සඳහන් කළේ අදියර දෙකක් යටතේ මෙම විශේෂ දුම්රිය සේවය ක්‍රියාත්මක බවයි.

ඒ අනුව ලබන 11, 12 සහ 13 යන දිනවල කොළඹ සිට බදුල්ල, අනුරාධපුර, ගාල්ල, නුවර සහ බෙලිඅත්ත යන ප්‍රදේශ සඳහා විශේෂ දුම්රිය යෙදවීමට පියවර ගෙන තිබෙනවා.

එමෙන්ම අවුරුදු චාරිත්‍ර අවසන් කර යළි කොළඹ බලා පැමිණෙන ජනතාව වෙනුවෙන් ලබන 18,19 සහ 20 යන දිනන්හිදී විශේෂ දුම්රිය ක්‍රියාත්මක බව දුම්රිය දෙපාර්තමේන්තුව සඳහන් කළා.

මේ අතර ලංකා ගමනාගමන මණ්ඩලය ද අලුත් අවුරුද්ද වෙනුවෙන් ගම්බිම් බලා පිටත්ව යන ජනතාව සඳහා ලබන 09 වැනිදා සිට අතිරේක බස් රථ 500ක් යෙදවීමට සැලසුම් කර ඇති බව සඳහන් කරනවා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *