ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදිගේ ශ්‍රී ලංකා සංචාරය හේතුවෙන් කොළඹ සහ ප්‍රදේශ කිහිපයක විශේෂ රථවාහන සැලැස්මක් සහ විශේෂ ආරක්ෂක සැලැස්මක් ක්‍රියාත්මක බව ශ්‍රී ලංකා පොලීසිය පවසනවා.

පොලිස් මාධ්‍ය ප්‍රකාශක, ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී බුද්ධික මනතුංග සඳහන් කළේ ඒ අනුව අප්‍රේල් 4වනදා සවස 6ත් රාත්‍රී 10ත් අතර කාලයේදී කොළඹ – කටුනායක අධිවේගී මාර්ගය මෙන්ම බේස්ලයින් මාර්ගය ද වරින් වර වසා දැමීමට සිදුවන බවයි.

ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදිගේ ශ්‍රී ලංකා සංචාරය අප්‍රේල් 4 වනදා ආරම්භ වීමට නියමිතව තිබෙනවා.

මෙම කාලසීමාව තුළ කටුනායක ජාත්‍යන්තර ගුවන්තොටුපොළ වෙත පැමිණෙන පුද්ගලයන්ට මෙම මාර්ග වසාතැබීම ගැන අවධානය යොමු කරමින් තමන්ගේ ගමනාගමන කටයුතු සැලසුම් කරගන්නා ලෙසයි දැනුම් දෙන්නේ.

ඔහු කියා සිටියේ අප්‍රේල් 5 වනදා කොළඹ ගාලුමුවදොර ප්‍රදේශය, නිදහස් චතුරශ්‍රය ආශ්‍රිත ප්‍රදේශය සහ බත්තරමුල්ල අපේ ගම පරිශ්‍රයේ මාර්ග වරින් වර වසා දැමීමට සිදුවන බවයි.

එමෙන්ම මෙම විශේෂ රථවාහන සැලැස්ම සඳහා සහාය දක්වන ලෙස ශ්‍රී ලංකා පොලීසිය සියලුම රියදුරන්ගෙන් මෙන්ම මහජනතාවගෙන් ඉල්ලා සිටිනවා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *