ඉදිරි පළාත් පාලන ආයතන ඡන්ද විමසීමට අදාළව තැපැල් ඡන්ද අයදුම්පත් ලක්ෂ 7කට ආසන්න සංඛ්‍යාවක් මේ වන විට ලැබී ඇති බව මැතිවරණ කොමිසම පවසනවා.

මැතිවරණ කොමිසම ප්‍රකාශ කළේ පළාත් පාලන ඡන්දයේ තැපැල් ඡන්දයට සුදුසුකම් ලැබූ පුද්ගලයින්ගේ අයදුම්පත් භාරගැනීම මාර්තු 03 වන දින සිට ආරම්භ කෙරුණු අතර එම කටයුතු පසුගිය 17 වන දිනෙන් අවසන් වූ බවයි.

මේ අතර පළාත් පාලන ආයතන ඡන්ද විමසීමේ රාජකාරී සඳහා වූ රාජ්‍ය නිලධාරීන්ගේ තොරතුරු සංගණනය අවසන් අදියර වෙත ළඟා වී ඇති බව මැතිවරණ කොමිසම නිවේදනය කරනවා.

ඒ අනුව යම් රාජ්‍ය නිලධාරීයෙකු තම තොරතුරු මේ දක්වාත් ලබාදී නොමැති නම් එම තොරතුරු තම ආයතන ප්‍රධානියාගේ නිර්දේශ සහිතව අදාළ නිලධාරියාගේ කාර්යාලය පිහිටි දිස්ත්‍රික්කයේ දිස්ත්‍රික් මැතිවරණ කාර්යාලය වෙත යොමුකරන ලෙසයි මැතිවරණ කොමසාරිස් ජනරාල් සමන් ශ්‍රී රත්නායක කියා සිටියේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *