ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් විසින් පනවන ලද නව අන්‍යෝන්‍ය තීරු බදු හේතුවෙන් පැන නැගිය හැකි ගැටලු පිළිබඳව ගැඹුරින් අධ්‍යනය කර රජයට නිර්දේශ ඉදිරිපත් කිරීම සඳහා ජනාධිපති අනුර කුමාර දිසානායක විසින් කමිටුවක් පත්කර තිබෙනවා.

ඒ අනුව එම කමිටුවට මුදල් අමාත්‍යාංශයේ ලේකම්, මහ බැංකු අධිපති, ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලයේ සභාපති, ශ්‍රී ලංකා අපනයන සංවර්ධන මණ්ඩලයේ සභාපති, විදේශ අමාත්‍යාංශයේ ආර්ථික කටයුතු පිළිබඳ අධ්‍යක්ෂ ජනරාල් යන නිලධාරීන් ද ජනාධිපති ජ්‍යෙෂ්ඨ ආර්ථික උපදේශක දුමින්ද හුලංගමුව, ශ්‍රී ලංකා වාණිජ මණ්ඩලයේ ප්‍රධාන ආර්ථික ප්‍රතිපත්ති උපදේශක ශිරාන් ප්‍රනාන්දු සහ අශ්‍රෆ් ඔමාර්, ශිරාඩ් අමලේන්, සයිෆ් ජැෆර්ශි යන අය ඇතුළත්.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *