හෙරොයින් මත්කුඩු ග්‍රෑම් 16කට අධික ප්‍රමාණයක් සන්තකයේ තබා ගැනීම සහ ජාවාරම් කිරීමේ චෝදනාවට වරදකරු කෙරුණු පුද්ගලයෙක්ට කොළඹ මහාධිකරණය මරණීය දණ්ඩනය නියම කර තිබෙනවා.

මෙම තීන්දුව ලබා දී ඇත්තේ දීර්ඝ නඩු විභාගයකින් අනතුරුව කොළඹ මහාධිකරණ විනිසුරු ආර්. එස්. එස් සපුවිද විසින්.

දීර්ඝ නඩු විභාගයකින් අනතුරුව තීන්දුව ප්‍රකාශයට පත් කරමින් විනිසුරුවරයා සඳහන් කළේ, විත්තිකරුට එරෙහිව පැමිණිල්ල විසින් එල්ල කර තිබෙන චෝදනා සාධාරණ සැකයකින් තොරව ඔප්පු කර තිබෙන බවයි .

මොහු 47වන වියේ පසුවන විවාහක පුදගලයෙක් බව නඩු විභාගයේදී අනාවරණය වී තිබෙනවා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *