දකුණු කොරියානු ජනාධිපති යුන් සුක් යෝල්ට එරෙහිව දෝෂාභියෝගයක් ගෙන ඒමට ගත් තීරණය ඒකමතිකව සම්මත වී තිබෙනවා.

විදෙස් මාධ්‍ය වාර්තා කළේ ඒ අනුව දකුණු කොරියානු ජනාධිපති යුන් සුක් යෝල්ට ජනාධිපති ධූරයෙන් ඉවත්වීමට සිදු වන බවයි.

එමෙන්ම දින 60ක් ඇතුළත නව ජනාධිපතිවරණයක් පැවැත්වීමට කටයුතු කළ යුතු බව විදෙස් මාධ්‍ය වැඩිදුරටත් සඳහන් කළා.

එතෙක් එරට අගමැතිවරයා වැඩබලන ජනාධිපතිවරයා ලෙස කටයුතු කරන බවයි වාර්තා වන්නේ.

එමෙන්ම 2017 වසරේදී ද දකුණු කොරියාවේ මෙලෙසින්ම ජනාධිපතිවරයෙක් ඉවත් කර තිබෙනවා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *