ශ්‍රී සිද්ධාර්ථ ගෞතම චිත්‍රපටය හරහා සමස්ත ශ්‍රී ලාංකිකයන්ගේ ගෞරවයට පාත්‍ර වූ ඉන්දීය නළු ගගන් මලික් හට ශ්‍රී ලංකා අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරියව මුණගැසී තිබෙනවා.
ඒ තායිලන්තයේ වැදගත්ම දේවස්ථානයක් ලෙස සැලකෙන වන වට් ෆෝ දේවස්ථානයේදීයි.
මේ සම්බන්ධව ගගන් මලික් සිය ෆේස්බුක් පිටුවේ ඡායාරූපයක් සමඟ සටහනක් තබමින් පවසා ඇත්තේ ශ්‍රී ලංකා අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරියව මුණගැසීමට ලැබීම ගෞරවයක් ලෙස හැඟුණු බවයි.