අජාන් බ්‍රහ්ම් මෙම වසරේ මැයි මාසයේදී කෙටි කාලීන නවාතැනක් සඳහා ශ්‍රී ලංකාවට පැමිණෙන බව ශ්‍රී ලංකා අජාන් බ්‍රහ්ම් සංගමය (ABSSL) නිවේදනය කර තිබෙනවා.

ඒ අනුව 2025 මැයි 18 වන ඉරිදා පෙ.ව. 7:00 සිට පෙ.ව. 11:00 දක්වා BMICH හි ප්‍රධාන ශාලාව සහ සිරිමාවෝ ශාලාවලදී මහජන දේශන පැවැත්වීමට නියමිත අතර අජාන් බ්‍රහ්ම් එක් ශාලාවකින් තවත් ශාලාවකට ගමන් කරන අතර එමඟින් මුළු ප්‍රේක්ෂකයින්ටම ඔහුව දැකගැනීමට හැකියාව ඇති බවයි වාර්තා වන්නේ.

ඔහු වෙනුවෙන් සැලසුම් කර ඇති න්‍යාය පත්‍රයට ඇතුළත් දෑ පහතින් :

▪ ආගම සහ වයස් භේදයකින් තොරව සැමට BMICH හි ප්‍රසිද්ධ දේශනයක්; පසුව තරුණ ප්‍රේක්ෂකයින් සඳහා.
▪ ජ්‍යෙෂ්ඨ වෘත්තිකයන් සහ ව්‍යාපාරික නායකයින් සඳහා සුවිශේෂී නායකත්ව සංසදය.
▪ කොළඹ විශ්ව විද්‍යාලයේ භාවනා පර්යේෂණ මධ්‍යස්ථානයේ පර්යේෂණවල නියැලී සිටින විද්වතුන් සමඟ සංසදය.
▪ පූජ්‍ය සංඝයා වහන්සේලා සහ පළපුරුදු ගිහි භාවනා කරන්නන් සඳහා සතියක භාවනා විවේකයක්.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *