මෙරට පවතින රජයේ රෝහල් පද්ධතිය ඩිජිටල්කරණයට ලක් කිරීමට පියවර ගන්නා බව සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස පවසනවා.
කොළඹ රිජ්වේ ආර්යා ළමා රෝහලේ සෞඛ්‍ය තොරතුරු තාක්ෂණ පද්ධතිය නිල වශයෙන් ජනගත කිරීම් සහ රෝහල් රසායනාගාරයේ පටක විද්‍යා අංශය ප්‍රමිතිකරණය ලබා ගැනීම වෙනුවෙන් පැවති උත්සවයකට සහභාගී වෙමින් ඔහු මේ බව ප්‍රකාශ කළා.
එහිදී අමාත්‍යවරයා වැඩිදුරටත් කියා සිටියේ ජනතාවට කෙටි කාලයක් තුළ ගුණාත්මක කාර්යක්ෂම ප්‍රතිකාර සේවාවක් ලබාදීම මෙහි අරමුණ බවයි.