ඡන්ද පෝස්ටර් ඉවත් කිරීම සඳහා කම්කරුවන් 2000ක් පමණ බඳවාගෙන තිබෙනවා.
පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී බුද්ධික මනතුංග සඳහන් කළේ ප්‍රධාන මූලස්ථාන පොලිස් ස්ථානයකට කම්කරුවන් 04දෙනෙක් යෙදවීමට නියමිත බවයි.
අනෙකුත් පොලිස් ස්ථාන සඳහා කම්කරුවන් 3දෙනෙක් බැගින් යොදවන බව ඔහු වැඩිදුරටත් කියා සිටියා.
මෙලෙස බඳවාගෙන ඇති කම්කරුවන් මැයි 08වනදා දක්වා තාවකාලික පදනම යටතේ කටයුතු කරන බව සඳහන්.