ගෝලීය වෙළෙ­ඳ­පොළ උඩු­ය­ටි­කුරු කළ ඇමරිකානු ජනා­ධි­පති ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ තීරු­බදු ප්‍රති­ප­ත්ති­යට ප්‍රති­චාර දක්ව­මින් අප්‍රේල් 10වනදා සිට ක්‍රියා­ත්මක වන පරිදි ඇමරිකාවෙන් ගෙන්වනු ලබන සියලු භාණ්ඩ සඳහා 34%ක අති­රේක තීරු­බදු පැනවී­මට චීනය පිය­වර ගෙන තිබෙනවා.

විදෙස් මාධ්‍ය වාර්තා කළේ ඩොනල්ඩ් ට්‍රම්ප් තීරු­බදු ඉහළ දැමූ රට­වල් ලැයි­ස්තු­වට අනුව චීන­යට පන­වනු ලැබූ තීරු­බදු ප්‍රමා­ණය ද 34% ක් වන අතර, ලෝක ආර්ථි­කයේ බල­වත්ම රට­වල් ද්විත්වය අතර උද්ගත වූ මේ වෙළෙඳ යුද්ධය ගෝලීය ආර්ථික අව­පා­ත­යක් ඇති කිරීමේ අව­දා­න­මක් මතු කර ඇති බවයි.

ඇමරිකානු ජනා­ධි­ප­ති­ව­රයා චීන­යට පැනවූ නව තීරු­බදු හේතු­වෙන් එරට ඇතැම් භාණ්ඩ­ව­ලට පන­වනු ලබන තීරු­බද්ද 79% දක්වා ඉහළ යනු ඇතිබව ලෝක ආර්ථික විශේ­ෂ­ඥ­යන් අනා­වැකි පළ කර ඇති බව විදෙස් මාධ්‍ය වැඩිදුරටත් සඳහන් කළා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *