කොළඹ කොටස් වෙළෙඳපොළ ගනුදෙනු මිනිත්තු 30ක කාලයක් සඳහා අද (07) පෙරවරුවේ දී අත්හිටුවා තිබෙනවා.
කොටස් වෙළෙඳපොළ ප්‍රධාන මිල දර්ශකයක් වන S&P SL20 දර්ශකය, පූර්ව ගනුදෙනු පෙර දිනයට සාපේක්ෂව 5%ක ප්‍රමාණයක් ඉක්මවා පහළ ගොස් තිබීම මීට හේතුවයි.
ගනුදෙනු අත්හිටුවන අවස්ථාවේ දී සියලු කොටස් මිල දර්ශකය ඒකක 639.01 කින් පහළ ගොස් ඒකක 14,734.34 ක් ලෙසින් සටහන්ව තිබුණු අතර, S&P SL20 දර්ශකය ඒකක 240.45කින් පහළ ගොස් ඒකක 4,292.90ක් ලෙසින් වාර්තා වී ඇති බවයි සඳහන් වන්නේ.
එය සියලු කොටස් මිල දර්ශකය හා S&P SL20 දර්ශකය පිළිවෙලින් පෙර දිනයට සාපේක්ෂව 4.16% ක හා 5.30% ක ප්‍රමාණයකින් පහළ ගොස් තිබෙනවා.
,මේ වනවිට යළිත් කොළඹ කොටස් වෙළෙඳපොළ දෛනික ගනුදෙනු සිදුකරන බවයි වැඩිදුරටත් සඳහන් වන්නේ.