උසස් පෙළ විභාගයේ ප්‍රතිඵල අප්‍රේල් අලුත් අවුරුදු උත්සවයෙන් පසු නිකුත් කිරීමට අපේක්ෂා කරන බව විභාග කොමසාරිස් ජනරාල් අමිත් ජයසුන්දර පවසනවා.

ඔහු කියා සිටියේ මෙවර උසස් පෙළ විභාගයට සිසුන් 333,183දෙනෙක් පෙනී සිටි ඇති බවයි.

ඉන් 253,390ක් පාසල් සිසුන් වූ අතර 79,793ක් පෞද්ගලික අපේක්ෂකයන් බවද ඔහු වැඩිදුරටත් කියා සිටියා.

මෙවර විභාගය රට පුරා විභාග මධ්‍යස්ථාන 2312කදී පවත්වා තිබෙන බවයි වාර්තා වන්නේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *