ඇමරිකාව පැනවූ තීරු බදු පිළිබඳව ඇමරිකානු වෙළෙඳ නියෝජිත කාර්යාලය සමඟ තවත් සාකච්ඡාවක් අද (08) රාත්‍රියේ පැවැත්වෙන බව නියෝජ්‍ය අමාත්‍ය ආචාර්ය අනිල් ජයන්ත ප්‍රකාශ කළා.

ඒ අද පාර්ලිමේන්තුවේදී ප්‍රකාශයක් සිදු කරමින්.

ඔහු වැඩිදුරටත් කියා සිටියේ මේ සම්බන්ධයෙන් ජනාධිපතිවරයා දැනටමත් ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් වෙත ලිපියක්ද යවා තිබෙන බවයි.

එම ලිපියට ප්‍රතිචාර වශයෙන් අද රාත්‍රියේදී එක්සත් ජනපද වෙළඳ නියෝජිත කාර්යාලය සමඟ විශේෂ සාකච්ඡාවක් පැවැත්වීමට නියමිත බවයි වාර්තා වන්නේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *