දැරණියගල පොලිස් බලප්‍රදේශයේ 112B පන්දාහාගම ග්‍රාම නිලධාරී වසමට අයත් ප්‍රදේශයේ නායයෑමක් සිදුවී තිබෙනවා.

එමෙන්ම දැරණියගල සිට මාලිබොඩ තලාව ප්‍රදේශයට යන ප්‍රධාන මාර්ගයට ගල් කඩා වැටීම හේතුවෙන් එම මාර්ගය මීටර් 50ක පමණ හානි වී ඇති බවයි වාර්තා වන්නේ.

ඒ හේතුවෙන් එම මාර්ගයේ වාහන ගමනාගමනයට බාධා එල්ල වී තිබෙනවා.

මේ අතර නායයෑමෙන් අසල තිබූ නිවසකට හානි සිදුවී ඇති බවයි වාර්තා වන්නේ

Leave a Reply

Your email address will not be published. Required fields are marked *