මෙම මාසයේ පළමු සතිය තුළ මෙරටට පැමිණි විදෙස් සංචාරකයින් සංඛ්‍යාව 38,000 ඉක්මවා තිබෙනවා.
සංචාරක සංවර්ධන අධිකාරිය නිවේදනය කළේ ඉරිදා වන විට සංචාරකයින් 38, 615 ක් පැමිණ ඇති බවයි
ඉන් වැඩිම පිරිසක් ඉන්දියානුවන් වන අතර ඉන් පසු වැඩිම සංචාරකයින් පිරිසක් පැමිණ ඇත්තේ පිළිවෙළින් බි්‍රතාන්‍යය, රුසියාව, ඔස්ට්‍රේලියාව, ජර්මනිය සහ බංගලාදේශ යන රටවලිනුයි.
වසරේ මේ දක්වා සංචාරකයින් 760, 897 දෙනෙකු මෙරටට පැමිණ ඇති බව සංචාරක සංවර්ධන අධිකාරිය සඳහන් කළා.