තායිවාන මුහුදු සීමාවේ සහ ගුවන් සීමාවේ සැරි සැරූ බව කියන චීනයට අයත් හමුදා ගුවන් යානා 76ක් සහ නෞකා 15ක් නිරීක්ෂණයට ලක්වූ බව තායිවාන ආරක්ෂක අමාත්‍යාංශය නිවේදනය කර තිබෙනවා.
විදෙස් මාධ්‍ය වාර්තා කළේ සිය රාජ්‍යයට අයත් ස්වයං පාලන කලාපයක් ලෙස චීනය විසින් හඳුන්වනු ලබන තායිවානය වසර ගණනාවක සිට ස්වාධීන රාජ්‍යයක් ලෙස කටයුතු කරන අතර, සිය රාජ්‍යයට චීනයෙන් විවිධ බලපෑම් එල්ල වන බව කියමින් ජාත්‍යන්තරයේ අවධානය ලබා ගැනීමට සමත්වී ඇති බවයි.
තායිවාන ආරක්ෂක අමාත්‍යාංශය විසින් නිරීක්ෂණය කරනු ලැබූ බව කියන චීන මහජන විමුක්ති හමුදාවට අයත් ගුවන්යානා 76 අතරින් 37ක් තායිවානය සමුද්‍ර සන්ධියේ සීමාව උල්ලංඝනය කළ බවත්, ඊට ප්‍රතිචාර වශයෙන් සිය ගුවන් සීමාවේ සහ මුහුදු සීමාවේ ක්‍රියාකාරකම් නිරීක්ෂණය කිරීම සඳහා වෙරළබඩ මිසයිල පද්ධතිය ක්‍රියාත්මක කළ බවද තායිවාන ආරක්ෂක
අමාත්‍යාංශ නිවේදනයේ සඳහන්.