නිකවැරටිය, රස්නායකපුර පොලිස් මාර්ග බාධකයකදී අනතුරක් සිදු වී තිබෙනවා.

එම අනතුරෙන් පොලිස් නිලධාරියෙක් මිය ගොස් තිබෙන බවයි වාර්තා වන්නේ.

පොලීසිය සඳහන් කළේ බිංගිරිය දෙස සිට රස්නායකපුර දෙසට ධාවන වූ වෑන් රථයක් රියදුරුට පාලන කර ගැනීමට නොහැකි වීමෙන් මාර්ග බාධකයේ ගැටීමෙක් මෙම අනතුර සිදුවී ඇති බවයි.

අනතුරින් පොලිස් නිලධාරීන් දෙදෙනෙක් සහ පුද්ගලයෙක් තුවාල ලබා නිකවැරටිය මූලික රෝහලට ඇතුළත් කිරීමෙන් අනතුරුව එක් පොලිස් නිලධාරියෙක් මිය ගොස් තිබෙනවා.

අනතුරින් මිය ගොස් ඇත්තේ රස්නායකපුර පොලීසියට අනුයුක්තව සේවය කළ 37 හැවිරිදි වියේ පසුවන පුද්ලයෙක් වන අතර කොටවෙහෙර ප්‍රදේශයේ පදිංචිකරුවෙක්.

අනතුර සම්බන්ධයෙන් වෑන් රථයේ රියදුරු අත්අඩංගුවට ගෙන ඇති අතර මූලික විමර්ශනවලදී අනාවරණය වී ඇත්තේ රියදුරු බීමත්ව සිට ඇති බවයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *