“කලණ මිතු­රන් ඇසුරු කරන්න“ යන්න තේමා කරගනි­මින් නුව­ර­එ­ළිය ජාතික වෙසක් උත්සවය මැයි 10 සිට මැයි 16 දක්වා සතියක කාලයක් පැවැත්වීමට සැලසුම් කර තිබෙන බව නුවරඑළිය දිස්ත්‍රික් මාධ්‍ය ඒකකය පවසනවා.

නුවරඑළිය ජාත්‍යන්තර බෞද්ධ මාධ්‍යස්ථානය සහ නගර ශාලාව කේන්ද්‍රය කරගනිමින් මෙම උත්සවය පැවැත්වීමට නියමිතයි.

නුවරඑළියේදි පැවැත්වීමට නියමිත ජාතික වෙසක් උත්ස­වය සාර්ථකව සිදුකරගැනීම සඳහා සියලු දෙනාගේම සහයෝගය අවශ්‍ය බව දිස්ත්‍රික් ලේකම් තුෂාරි තෙන්නකෝන් පවසනවා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *