කේරළ ගංජා කිලෝ 304යි ග්‍රෑම් 600ක් සන්තකයේ තබාගෙන සිටි සැකකරුවෙක් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඒ නාවික හමුදාව, පොලිස් විශේෂ කාර්ය බළකාය සමඟ කිලිනොච්චිය, උඩුත්තුරෙයි මුහුදු ප්‍රදේශයේ සිදු කළ විශේෂ ඒකාබද්ධ සෝදිසි මෙහෙයුමකදීයි.

එලෙස සොයා ගත් ගංජා තොගයේ වටිනාකම රුපියල් මිලියන 121කට ආසන්න බව නාවික හමුදාව ප්‍රකාශ කළා.

ඔවුන් වැඩිදුරටත් කියා සිටියේ අත්අඩංගුවට ගත් සැකකරු සහ කේරළ ගංජා තොගය ඉදිරි නීතිමය කටයුතු සඳහා මරදන්කේනී පොලිස් ස්ථානය වෙත භාරදීමට කටයුතු කළ බවයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *