බස්නාහිර සහ දකුණු පළාත්වල සහ පුත්තලම දිස්ත්‍රික්කයේ විටින් විට වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කළා.

සබරගමුව, මධ්‍යම සහ ඌව පළාත්වලත් අම්පාර, මඩකලපුව සහ පොළොන්නරුව දිස්ත්‍රික්කවලත් අපරභාගයේදී හෝ රාත්‍රී කාලයේ දී තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකියි.

දකුණු, සබරගමුව, ඌව සහ මධ්‍යම පළාත්වල සහ අම්පාර දිස්ත්‍රික්කයේ ඇතැම් ස්ථානවලට මිලිමීටර් 50 ට වැඩි තරමක් තද වැසි ඇති විය හැකි බව එම දෙපාර්තමේන්තුව වැඩිදුරටත් සඳහන් කළා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *