මාස 5ක් ඇතුළත ඉන්දියාවේ ආර්ථික වර්ධනය වේගවත් කරමින් එරට විදේශ විනිමය සංචිතය අමෙරිකානු ඩොලර් බිලියන 665.4 දක්වා ඉහළ ගොස් තිබෙනවා.

හින්දු පුවත් සේවය වැඩිදුරටත් වාර්තා කළේ එරට මහ බැංකුවේ ඇස්තමේන්තුවකට අනුව දැනට එරට පවතින විදේශ විනිමය සංචිතය ආසන්න වශයෙන් මාස 10-11 දක්වා කාලසීමාවකට අවශ්‍ය භාණ්ඩ ආනයනය කිරිමට මුළුමනින්ම ප්‍රමාණවත් බවයි.

ඉන්දීය මහ බැංකුව නිකුත් කළ දත්ත වාර්තාවට අනුව අවසන් සති 3 ඇතුළත එරට විදේශ විනිමය සංචිතය ඩොලර් බිලියන 20.1කින් ඉහළ ගොස් ඇති අතර, එම කාලසීමාව තුළ ඉන්දීය රුපියල අමෙරිකානු ඩොලරයට සාපේක්ෂව 0.6%ක අගයක් ගෙන තිබෙනවා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *