ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් විසින් ගනු ලැබූ බදු සංශෝධන ශ්‍රී ලංකාවට බලපා ඇති ආකාරය සහ ඉන් ආරක්ෂා වීමට රජය මෙතෙක් ගෙන ඇති ක්‍රියාමාර්ග පැහැදිලි කරන ලෙස ජනාධිපති අනුර කුමාර දිසානාකගෙන් විපක්ෂය කළ ඉල්ලීමට අනුව එම සාකච්ඡාව අද (10) පැවැත්වෙනවා.
ඒ කොළඹ ජනාධිපති ලේකම් කාර්යාලයේදීයි.
විපක්ෂයේ දේශපාලන පක්ෂ නායකයන් 12දෙනෙක් මෙම ගැටලුව සම්බන්ධයෙන් සාකච්ඡා කිරීමට ජනාධිපතිවරයා හමුවිය යුතු බවට ඉල්ලීමක් කර තිබෙනවා.