උතුරු අමෙරිකානු රටක් වන ඩොමිනිකන් රාජ්‍යයේ අගනුවර සුප්‍රකට රාත්‍රී සමාජ ශාලාවක වහල කඩා වැටීමෙන් පුද්ගලයන් 113 දෙනෙක් ජීවිතක්ෂයට පත්වී තිබෙනවා.
විදෙස් මාධ්‍ය වාර්තා කළේ එරට සැන්ටෝ ඩොමින්ගෝ අගනුවර පිහිටි ජෙට් සෙට් නමැති එම රාත්‍රී සමාජ ශාලා අනතුරෙන් තවත් පුද්ගලයන් 223දෙනෙක් තුවාල ලබා ඇති බවයි.
ඩොමිනිකා රාජ්‍යයේ හිටපු සුපිරි බේස්බෝල් ක්‍රීඩකයකු වන ඔක්ටේවියෝ ඩොටෙල් සහ ප්‍රාන්ත ආණ්ඩුකාරවරයෙක්ද අනතුරින් මිය ගොස් ඇති අතර, ඒ වනවිට පැවැත්වෙමින් තිබූ ප්‍රසංගයේ ගී ගයමින් සිටි එරට ජනප්‍රිය ගායකයෙක් වන රුබි පෙරෙස්ද ජීවිතක්ෂයට පත්වී තිබෙනවා