ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත අහෝසි කිරීම සඳහා කමිටුවක් පත් කිරීමට අධිකරණ ඇමැතිවරයා විසින් කැබිනට් මණ්ඩලයට කැබිනට් පත්‍රිකාවක් යොමු කර තිබෙන බවත් මේ සම්බන්ධයෙන් ධවල පත්‍රිකාවක් ඉදිරිපත් කිරීමට අපේක්ෂා කරන බවත් අග්‍රාමාත්‍යවරිය පවසනවා.

ඒ ඊයේ (09) පාර්ලිමේන්තුවේදීයි,

ඉලංකෙයි තමිල් අරසු කච්චි පාර්ලිමේන්තු මන්ත්‍රී ශානක්‍යයන් රාසමාණික්කම් යොමු කළ ප්‍රශ්නයකට පිළිතුරු ලබා දෙමින් අග්‍රාමාත්‍යවරිය මේ බව සඳහන් කළා.

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන කටයුතු වෙනුවෙන් මෙවර අය-වැයෙන් මුදල් වෙන් කර නොමැති අතර ප්‍රමුඛතා අනුව කටයුතු කළ යුතු බවත් වත්මන් රජය දුන් පොරොන්දු ඉටු කරන බව ද අගමැතිවරිය වැඩිදුරටත් කියා සිටියා

Leave a Reply

Your email address will not be published. Required fields are marked *