කොළඹ මහනගර සභාව ඇතුළු පළාත් පාලන ආයතන 18කට ලබන මැයි 6 වනදා පළාත් පාලන ඡන්ද විමසීම පැවැත්වීම වළක්වාලමින් පනවා තිබූ අතුරු තහනම් නියෝගය ඉවත් කිරීමට නියම කර තිබෙනවා.

ඒ අභියාචනාධිකරණය විසින්.

නීතිපතිවරයා විසින් ඉදිරිපත් කළ මෝසමක් සලකා බැලීමෙන් අනතුරුව අභියාචනාධිකරණයේ වැඩබලන සභාපති මොහොමඩ් ලෆාර් තාහීර් සහ ප්‍රියන්ත ප්‍රනාන්දු යන අයගෙන් සමන්විත විනිසුරු මඩුල්ල විසින් මෙම නියෝගය නිකුත් කර තිබෙනවා.

එම පළාත් පාලන ආයතන සඳහා ඉදිරිපත් කර ප්‍රතික්ෂේප කළ නාමයෝජනා පත්‍ර යළි භාරගන්නා ලෙසද නියෝගයක් නිකුත් කර ඇති බවයි වාර්තා වන්නේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *