සිංහල හා හින්දු අලුත් අවුරුද්ද හේතුවෙන් ගම්බිම් බලා යන ජනතාව සඳහා විශේෂ බස් රථ සහ දුම්රිය සේවා ක්‍රියාත්මක කර තිබෙනවා.
එමෙන්ම ජාතික ගමනාගමන කොමිෂන් සභාවේ ධාවන හා සේවා අධීක්ෂණ අධ්යක්ෂ ෂෙරින් අතුකෝරල කියා සිටියේ ජනතාවට ප්‍රමාණවත් පරිදි බස් රථ යෙදවීමට කටයුතු කර ඇති බවයි.
මේ අතර පිටකොටුව – බැස්ටියන් මාවත පෞද්ගලික බස් නැවතුම්පලට, මධ්‍යම බස් නැවතුම්පලට, මාකුඹුර බහුවිධ ප්‍රවාහන මධ්‍යස්ථානයට මෙන්ම කොටුව දුම්රිය ස්ථානයට ඊයේ (11) ගම්බිම් බලා යාමට විශාල පිරිසක් පැමිණි බවටයි වාර්තා වන්නේ.
(rednewsalert.lk)