විගමණික ශ්‍රමිකයින්ට ශ්‍රි ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය මඟින් සිංහල හා හින්දු අලුත් අවුරුද්ද වෙනුවෙන් රු.10,000ක මුදලක් ලබාදෙන බව පවසා විදේශ රටක සිට ක්‍රියාත්මක කරන Youtube නාලිකාවක් මඟින් සිදුකරන ප්‍රචාරය මුළුමනින්ම අසත්‍ය බව කාර්යාංශය සඳහන් කරනවා.

එම කාර්යාංශය සඳහන් කළේ විගමණික ශ්‍රමිකයින්ගේ ගමන් බලපත්‍රයේ පිටපතක්, දිවයිනේ පිහිටි ඕනෑම කාර්යාංශයේ කාර්යාලයකට යොමුකරන ලෙස අදාළ වීඩියෝව මඟින් දන්වා සිටි බවයි.

එවැනි නිවේදනයක් කාර්යාංශය මඟින් කිසිඳු අවස්ථාවක නිකුත් කර නොමැති අතර, මෙම වංචනික ක්‍රියාවට හසුනොවන ලෙස විදේශ සේවා කාර්යාංශය මහජනතාවගෙන් ඉල්ලා සිටිනවා.

එසේම කාර්යාංශය වැඩිදුරටත් කියා සිටියේ රජයේ නිල නිවේදන ප්‍රචාරය කිරීම සඳහා මෙවැනි සමාජ මාධ්‍ය වෙත බලය පවරා නොමැති අතර, ඉදිරියේදී මෙවැනි වංචාකරුවන්ට එරෙහිව නීතිය ක්‍රියාත්මක කරන බවයි.

කාර්යාංශයේ නිල නිවේදන පිළිගත් ජනමාධ්‍ය, කාර්යාංශයේ නිල වෙබ් අඩවිය, Facebook, Youtube හා Tiktok මාධ්‍යයන් හරහා පමණක් සිදුකරන බවද කාර්යාංශය වැඩිදුරටත් දැනුම් දී තිබෙනවා.

(lknewsalert.lk)

Leave a Reply

Your email address will not be published. Required fields are marked *