හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂගේ පුත් යෝෂිත රාජපක්ෂ සහ ඔහුගේ මිත්තණිය වන ඩේසි ෆොරෙස්ට්ට නීතිප්තිවරයා කොළඹ මහාධිකරණය හමුවේ යළිත් අධිචෝදනා ගොනුකර තිබෙනවා.

ඒ උපයාගත් ආකාරය හෙළිදරව් කළ නොහැකි රුපියල් මිලියන 59ක හවුල් ගිණුමක් පවත්වාගෙන යාම සම්බන්ධයෙන්.

විමර්ශනවලදී හෙළි වී ඇත්තේ ඩේසි ෆොරෙස්ට් වත්කම් ඇති කාන්තාවක් නොවන බවයි.

ඇය රාජපක්ෂ පවුලේ ආදායමෙන් යැපෙන්නියක් බවද හෙළි වී තිබෙනවා.

එමෙන්ම මුදල් විශුද්ධිකරණය වැළැක්වීමේ පනත යටතේ යෝෂිත රාජපක්ෂ සහ ඩේසි ෆොරෙස්ට්ට මීට පෙර නීතිපතිවරයා කොළඹ මහාධිකරණය හමුවේ අධිචෝදනා පත්‍ර ගොනු කළා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *